ඔන්ලයින් සල්ලි හොයලා හති වැටිලා ඉන්න හැමෝටම මේ ලිපිය ගොඩක්  වැදගත් වෙයි කියලා මම  හිතනවා.

අද අපි කතා කරන්නේ eBay Dropshipping ගැන.

මේක මේ දවස් වල ලොකු රැල්ලක් වෙලා තියනවා. කවුරු හරි මෙච්චර හෙව්වා අච්චර හෙව්වා කියලා කොහෙන් හරි උස්සපු ස්ක්‍රීන්ෂොට් එකක් දාපු ගමන් හැමෝම රැල්ලට වගේ Dropshipping කරන්න පටන් ගන්නවා.
    ●01.හැමෝටම  ebay Dropshipping කරන්න පුලුවන්ද?
    ●02.කරන හැමෝම Success වෙනවද?
    ●03.මේකට මොනවාද ඕන? 
    ●04.කියන තරම් ලොකු ගානක් හොයන්න පුලුවන්ද?

    ■මේ හැම ප්‍රශ්නෙකටම උත්තර මේ ලිපියෙන් කියලා දෙන්න  අපි බලාපොරොත්තු වෙනවා.

eBay Selling නැත්නම් ඔයාලා හැමෝම අහලා තියන Dropshipping කියන්නේ අපි සාමාන්‍යයෙන් items ගෙන්නන නැත්නම් items buy කරන eBay එකේ අපි Seller කෙනෙක් වෙන එක.

සෙලර් කෙනෙක් වෙද්දි අපි ගාව Store එකක් නැත්නම් කඩේක බඩු විකුනනවා වගේ අපි විකුණන ඒවා තියාගන්න තැනක් ඕනද?

ඒකට උත්තරය නැහැ කියන එක.

Dropshipping කරනවා කියන්නේ අපි වෙන items ගන්න තැනකින් items අරගෙන eBay එකේ විකුණන එක.

ඇත්තම කිව්වොත් අපි අතරමැදියෙක්.

උදාහරණයක් ගත්තොත් අපි වෙන සයිට් එකකින් ඩොලර් 2ට ගන්න පුලුවන් කියලා Watch එකක්  eBay එකේ විකුණන්න දානවා ඩොලර් 10කට.

දැන් බලයි ඩොලර් 2ට ගන්න පුලුවන්ද කියල. ඇත්තටම ඒ ගානට ගන්න පුලුවන්. ගොඩක් china වල website තියනවා මෙහෙම අඩුවට බඩු ගන්න පුලුවන් ඒවා. ඉදිරි ලිපි වලින් අපි ඒවා කතා කරන්නම්.

අපි ඩොලර් 2ට ගත්ත watch එක 10ට දුන්නම අපිට 8ක් ලාබයි කියලා නේද ඔයාලා හිතන්නේ? ඇත්තටම නැහැ.

ගොඩක් class කරන අය මේවා කියලා දෙන්නේ නැහැ.

අපි eBay එක හරහා selling කරද්දි අපි සල්ලි ගනුදෙනු ඔක්කොම කරන්නේ PayPal කියන සමාගම හරහා. ඒ කියන්නේ PayPal තමයි අපේ බැංකුව. Paypal ගැනත් ඉදිරියේදී කතා කරමු.

Paypal එක අපෙන් විකුණන item එකකින් යම්කිසි මුදලක් අය කරනවා.

eBay එකත් අපෙන් eBay fee 10•/.එකක් ගන්නවා අපි විකුණන හැම item එකකින්ම.

අපිට ඒක බලාගන්න පුලුවන් ebay paypal calculater එකට දාල. ඒකේ අපි item එක ගන්න මුදලයි විකුණනන මුදලයි දැම්මම අපිට තියන ලාබය ඒකේ පෙන්නනවා.
Call 0766419163